Game dev foundation course - GDFC

5

modules

100+

edu Hours

All

Skill Level

3 Months

Duration

Sinhala

Language

වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරන ක්ෂේත්‍රය

වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරණය (Video Game Development) තවදුරටත් හුදෙක් විනෝදාංශයක් පමණක් හෝ තමාගේම video game එකක් නිපදවීමට ඇති කැමැත්ත නිසා සිදුකරන දෙයක් නොව, විශාල වශයෙන් මුදල් හා දීර්ඝ කාලීන ප්‍රතිලාභ ජනනය කරනු ලබන කර්මාන්තයක් බවට අද වන විට පත් වී හමාරය.

2015 වර්ෂයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 81.5 ක ආදායම් නිර්මාණය කළ වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරන කර්මාන්තය, 2021 වර්ෂය තුළ දී ඩොලර් බිලියන 134.8 ක අදායම් ජනනය කරනු ඇතැයි පුරෝකථනය කර ඇත. මෙම ක්ෂේත්‍රය තුළ ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ජර්මනිය සහ ආසියාතික රටක් වශයෙන් ජපානය ඉතා සාර්ථක වෙමින් ඉහළ ආදායම් ලබමින් සිටින අතර මේ සඳහා අප රටෙහි දයකත්වය නොසැලකිය යුතු තරම් කුඩා වේ.

මෙම පාඨමාලා ශ්‍රේණිය නිර්මාණය කිරීමෙහිලා Ceylon School of Game Design අපගේ මුලික අරමුණ වන්නේ ඉහත කි රික්තය හැකි උපරිම මට්ටමෙන් පිරවීම සඳහා ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව උනන්දු කරවීමත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම, මගපෙන්වීම නිවැරදි ලෙස ලබාදීමත් ය. විශේෂයෙන් ම අපගේ උසස් අධ්‍යාපන ව්‍යුහය තුළ හෝ මෙම ක්ෂේත්‍ර සඳහා සාධනීය වටපිටාවක් තවමත් සකස් වී නොමැති පසුබිමක මේ සඳහා රට තුළ යම් ප්‍රවණතාවයක් ඇති කරවීම අපගේ ප්‍රධානතම පරමාර්ථය යි.

මෙම අදහස අනුව යමින් වීඩියෝ ක්‍රීඩා නිර්මාණ ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම ආවරණය වන අයුරින් ගුණාත්මක බවින් උසස් පාඨමාලා රාශියක් අප විසින් නිර්මාණය කර ඇති අතර, මෙම සෑම පාඨමාලාවක් ම මෙහෙයවීම, වසර ගණනාවක් පුර ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ප්‍රවීණයින් විසින් සිදු කරනු ලබයි.

මෙම පාඨමාලා ශ්‍රේණියේ පළමු පාඨමාලාව ලෙස, මෙම ‘Game Dev Foundation Course – GDFC’ පාඨමාලාව ඔබ වෙත ගෙන එනු ලබන අතර වීඩියෝ ක්‍රීඩා නිර්මාණ ක්ෂේත්‍රයට අත්  පොත් තබන්නන් සහ   ආධුනිකයින් සඳහා මෙම පාඨමාලාව වඩාත් යෝග්‍ය වේ.

එසේම මෙම විෂය ක්ෂේත්‍රය ‘වෘත්තිය නිපුණතාවයක්’ ලෙස ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වන පසුබිම සකස් කිරීමේ වැඩපිළිවෙල සඳහා මේ වන විටත් අප ‘තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව’ – TVEC සමඟ සාකච්ජා කටයුතු සිදුකරමින් සිටින අතර, නුදුරේදී ම අපට ඒ සඳහා අවස්ථාව උදාවනු ඇත.

මෙම පාඨමාලාව මාස තුනක් පුරාවට පැවැත්වෙන අතර ඉගෙනුම්-ඉගැන්වීම් කාලය පැය 100කට අධික වේ 

පාඨමාලාව සිංහල බසින් ඉගැන්වීම සිදුකෙරේ

සජීවී මාර්ගගත (Live online) ආකාරයට පාඨමාලාව මෙහෙයවනු ලබයි 

පාඨමාලාව හැදෑරීම සඳහා කිසිඳු මුලික සුදුසුකමක් හෝ දැනුමක් අවශ්‍ය නොවේ

පාඨමාලාව හැදෑරීම සඳහා වයස් සීමාවක් නැත

පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට අන්තර්ජාල සම්බන්ධතාවයක් සහිත පරිගණක අවශ්‍ය වේ

පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට විශේෂ මෘදුකාංග කිහිපයක් අවශ්‍ය වන අතර ඒවා බාගත කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් සහ සබැඳි අප විසින් සපයා  දෙනු ලබයි

ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා, අවශ්‍ය අවස්ථාවලදී වැදගත් වන Exercise Files අප විසින් සපයා දෙනු ලැබේ

GDFC පාඨමාලාව

Learning Path

  1. Getting  Started with Unity
  2. Unity C# Scripting Fundamentals
  3. Unity Animation Fundamentals
  4. Unity Physics Fundamentals

23 Hours and 30 Mins

  1. C# Scripting in Unity
  2. The Observer Pattern
  3. Finite State Machines
  4. Character Controller and AI
  5. Creating a Character Stat System

18 Hours and 30 Mins

  1. Game Character Concept Design Fundamentals
  2. Game Environment Concept Art Fundamentals
  3. Creating Game Environments in Unity and Maya
  4. Creating Game Environment Textures with Substance Suite

22 Hours

  1. Game Design Fundamentals
  2. Fundamentals of Professional Level Design
  3. Game Mechanic Design Fundamentals

8 Hours

  1. Space Shooter 2D
  2. Rocket Boost 3D

ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි ?

  • ඕනෑම වයස් සීමාවක සහ ඕනෑම දැනුම් මට්ටමක සිටින අයෙකුට වුවද පහසුවෙන් අවබෝධ කරගත හැකි වන අයුරින් ඉතා සැලකිලිමත්ව පාඨමාලාව පෙළගස්වා ඇත
  • වසර ගණනාවක් පළපුරුදු ඇති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි
  • පාඨමාලාවෙහි අඩංගු සියලුම මොඩයුලයන් අන්තර්ජාතිකව පිළිගත් සම්මත විෂය නිර්දේශයකට අනුව සකස්කර ඇත
  • පටිගත කළ වීඩියෝ පාඩම් මාලා ලෙස නොව, සජීවි මාර්ගගත පාඨමාලාවක් ලෙස මෙහෙයවනු ලබන නිසා ඔබට ඇතිවන ගැටළු එම මොහොතේදී ම විසඳාගැනීමට හැකියාව ලැබීම
  •  සාමාන්‍ය පාඨමාලාවකදී මෙන් Game Engine සහ Basic programming පමණක් හැදෑරීම වෙනුවට, අප විසින් ඉතා පුළුල් පරාසයක් ආවරණය කරමින් 2D / 3D Art Asset Creation, Game Design Concepts, Rigging and Animation, Advanced Programming Concepts, Game Jams ආදී කොටස් එකතු කරමින් අංග සම්පුර්ණ පාඨමාලාවක් ලෙස නිර්මාණය කර තිබීම
  • කාල සටහන් කිහිපයකට අදාළ ව පාඨමාලාව තෝරාගත හැකි නිසා ඔබට වඩාත් ම පහසු හා ඵලදායි   ආකාරයට පාඨමාලාව හැදෑරීමට අවස්ථාව හිමි වීම
  • වැඩි දෙනකුට පාඨමාලාවට සහභාගී වීමේ අවකාශය ලබා දෙමින් ඉතා සාධාරණ පාඨමාලා ගාස්තුවක් අය කිරීමට අප කටයුතු කර ඇති අතර, ඔබගේ පහසුව සඳහා පාඨමාලා ගාස්තුව ආකාර කිහිපයකට වාරික වශයෙන්  ගෙවීමේ පහසුවද ලබා දී ඇත 

ඔබට පහසු ආකාරයට පාඨමාලාවට සහභාගී වන දිනයන් හා වේලාවන් තෝරාගත හැකිය

සතියේ දින කණ්ඩායම (උදෑසන)
  • සඳුදා සිට බදාදා දක්වා
  • උදෑසන 9.30 සිට 12.30
සතියේ දින කණ්ඩායම (සවස)
  • සඳුදා සිට බදාදා දක්වා
  • රාත්‍රී 7.30 සිට 10.30
සති අන්ත කණ්ඩායම (උදෑසන)
  • සෙනසුරාදා සහ ඉරිදා
  • උදෑසන 8.30 සිට 1.30
සති අන්ත කණ්ඩායම (සවස)
  • සෙනසුරාදා සහ ඉරිදා
  • සවස 5.30 සිට 10.30

පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවා නිමකළ හැකිය

ක්‍රමය 1

PAY IN INSTALLMENTS

₨20000
15000 පාඨමාලා ගාස්තුව
  • පළමු වාරිකය රු. 2500
  • දෙවන වාරිකය රු. 6250
  • තෙවන වාරිකය රු. 6250

ක්‍රමය 2

PAY IN INSTALLMENTS

₨20000
15000 පාඨමාලා ගාස්තුව
  • පළමු වාරිකය රු. 5000
  • දෙවන වාරිකය රු. 5000
  • තෙවන වාරිකය රු. 5000
Popular

ක්‍රමය 3

ONE TIME PAYMENT

₨20000
12500 පාඨමාලා ගාස්තුව
  • පළමු වාරිකය රු. 12500
  • දෙවන වාරිකය රු. 0
  • තෙවන වාරිකය රු. 0

your instructors

ranga pushpakumara

Lead Game Designer & Developer at Heladev
Game Dev Guru at YouTube
5 Years of Industry Experience
2500+ Students

harshani dedigama

Lead Web Designer & Developer at CNS Creations
Instructor at Heta Liya Women's IT Club
Web Application Developer at Colombo South Teaching Hospital

madhuka sandeepa

Lead 3D Artist at Heladev
Instructor at Wijeya Graphics

meedum kavindi

Creative Concept Artist
Story Writer

පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම

පාඨමාලාව ආරම්භය - මාර්තු 6 සෙනසුරාදා